Tuesday, February 22, 2011

the joke of canada team

ayyo pau me gollo eda paradila thiyenne meka hindane, pau megollo
natanna bari miniha polowa adai kiwalu
ane anichchan

පුහුණුවීම් වලට කුඩම්මාගේ සැලකිලි-කැනඩා පුහුණුකරු කියයි

Feb 20,2011

ශ්‍රී ලංකාව තමන්ගේ පුහුණුවිම් කටයුතු වලට නිසි සහයෝගයක් ලබා නොදුන් බව කැනඩා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු පුබුදු දසනායක මහතා පවසයි.

ශ්‍රීලංකාව හා කැනඩාව අතර 2011 ලෝක කුසලානය වෙනුවෙන් අද දින පවත්වන්නට නියමිත තරගයට අදාළව පෙර පුහුණු කටයුතු සිදුකිරීමේදී හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බාධා කිරීම් සිදුකළ බව ඔහු විසින් විදෙස් මාධ්‍යට පවසා තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා හා සෙනසුරාදා දිනයන්හි තම පුහුණුවීම් කටයුතු වලට නිසි සහයෝගයක් ලබා ‍නොදුන් බවත්.ඊට බාධා කළ බවත් ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තමන්ගේ මව් රට බවත්,ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය පිළිබද තමන්ගේ ගෞරවයක් පවත්නා බවත්,එසේ හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව කැනඩා ක්‍රිකට් මණ්ඩලය දැනුවත් කිරීමට සිදුවීම පිළිබඳ කනගාටුවට පත්වන බවත් දසනායක මහතා කියා සිටියි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රසිද්ධියේ දුක්ගැනවිලි කියන්නට බලාපොරොත්තුවක් තමාට නොමැති බවද කැනඩා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරුවා සඳහන් කර ඇත.

කැනඩා කණ්ඩායමට පුහුණු වීම සඳහා ලබා දී තිබුණු නියමිත වේලාවට ක්‍රීඩාංගණයට සහභාගී වුවත් ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තව දුරටත් පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටි නිසා තමන්ට පැය 2 ක් පමණ ප්‍රමාද වන්නට සිදුවූ බව හෙතෙම අවධාරණය කර ඇත.

ඉක්බිතිව ක්‍රීඩාංගණයට පිවිසුණත් පුහුණුවීම් ‍කරන්නට හැකිවූයේ මිනිත්තු 45 ක් වැනි සුළු වේලාවක් බවද,තමන් තව දුරටත් පුහුණුවීම් කළ යුතු බව දන්වා සිටියත් ක්‍රීඩාංගණයේ බලධාරීන් පුහුණු දැල් හකුළා දැමූ බවටත් ඔහු චෝදනා කරයි.

කෙසේ වුවද පුහුණුවීම් සඳහා වෙන්කෙරුණු දෙවෙනි දිනයේද මේ අයුරින්ම අකටයුතුකම් වලට මුහුණ පාන්නට තමන්ට සිදුවූ බව ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබේ.

කැනඩා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු පුබුදු දසනායක මහතා 90 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක් හා එක්දින තරග 16 ක් සඳහා සහභාගී වී ඇති බවද .ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමුගත් පසු කැනඩාවේ කණ්ඩායම් පුහුණුකරු ලෙස පත්වී ආ බවත් ඒ.එෆ්.පී පුවත් සේවය වැඩිදුරටත් උපුටා දක්වයි.

No comments:

Post a Comment