Thursday, April 28, 2011

ඔබටත් පැමිණිලි කළ හැක... you people also can complain...

බාල සී.එෆ්.එල්. විදුලි බුබුළු අලෙවි කළොත් දඩ

ප්‍රමිතියෙන් තොර සී.එෆ්.එල් (CFL) විදුලි බුබුළු අලවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

2009 ජුලි 22 වන දින 1611/10 දරන ගැසට් පත්‍රය මගින් අනිවාර්ය කර ඇති බලශක්ති ලේබලය රහිත සුසංහිත ප්‍රතිදීප්ත පහන් අලෙවි කරන වෙළඳුන්ට, බෙදාහරින්නන්ට, ළඟතබා ගන්නන්ට, හා නිෂ්පාදනය

කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

මෙලෙස මහජනතාව නොමඟ යවන ප්‍රමිතියෙන් තොර (CFL) බල්බ දේශීයව නිෂ්පාදනය කරන්නන්, ආනයනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල අමාත්‍යංශය මහජනතාවගේ සහය පතයි.මෙවැනි

බල්බ දුටු වහාම 1901ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ගය ඔස්සේ පැමිණිළි කළ හැක.

kurunegala people please read, කුරුණෑගල අයට...

විදුහල්පතිගේ අනුමැතියක් නැතිව 18ට අඩු නම් ඉන්ටර්නෙට් කැෆේ යන්න බෑ

විදුහල්පතිවරයාගේ අවසරයක් නොමැතිව වයස අවුරුදු 18 ට අඩු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කුරුණෑගල නගරය ආශි‍්‍රතව ඇති ඉන්ටනෙට් වෙළඳසල්වලට ඇතුළුවීම තහනම් කොට ඇත.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා විසින් මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා කුරුණෑගල පොලිස් අධිකාරි කාර්යාලයේදී පැවති මාසික සම්බන්ධීකරණ රැස්වීමේදීය. අවසරයක් නොමැතිව යම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වෙළඳසල්වලට ඇතුළු කරගන්නා වෙළඳුන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර ඇත.

Wednesday, April 27, 2011

Bite eka, බයිට් එක...

ඉතිං ඉඳලා ඉඳලා නම්බරයක් සොයා ගත් මම කෙල්ලෙක්ව බයිට් කරන්න ගත්තෙමි.
බයිට් එක පට්ට එකටම නැගලා ගියේය.
දින ගණනාවක්ම මෙයාකාරයෙන් ගෙවී ගියේ කාටත් හොරෙන් ය.
දිනක් මට ඒ කෙල්ල පව් කියලා සිතුනි.
ඒ කෙල්ල මම හොඳින්ම දන්නා හඳුනන එකියක්ය, මගේ නංගීගේ යාළුවෙක්ද වන්නීය.
එබැවින් මම කවුදැයි කියා ඇයට කියන්නට මට සිතී පෙර දිනෙක රාත්‍රියේ මම ඇයගෙන් මා එක් කොන්දේසියකට යටත්ව මම කවුද යැයි පවසන බව කීවෙමි.
එම කොන්දේසිය වූයේ මා කවුදැයි දැනගත් පසු මා ඝාතනය කිරීමට උත්සාහ නොගන්නා බවට පොරොන්දු වීම ය.
එහෙත් ඒ අසරණිය එම කෙටි පණිවුඩයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
එදින දිගු ගමනක් අවසානයේ ඇයට හොඳටම නින්ද ගොස් ඇත.
පසුදා වන විට මාගේ එම පවිත්‍ර අදහස සිතින් ඉවත් විය. දුෂ්ට කම රජ විය.

ඉන්පසු සුපුරුදු ලෙස මාගේ බයිට් කිරීම සිදුවිණි.
දැන් ඇය තවමත් මගෙන් බයිට් වන්නීය.

කවදා හෝ ඇය මෙය දැක හෝ මා කවුදැයි හඳුනා ගනු ඇතැයි යන්න මාගේ ඒකායන පැතුමයි.