“හදවත පිරිසිඳු නැති කෙනෙකුට දෙවියන් කිසිදා අවබෝධ කරගත නොහැකිය. එනම්, ආත්ම පවිත්රතාව තිබිය යුතුය. ආත්ම පවිත්රතාව අතිශයින් බෝවන සුළුය. යම් පුද්ගලයකුගේ ආත්ම පවිත්රතාව ඔහු වටා සිටින්නන්ගේ පවිත්රතාවටද හේතු වන්නේය.
එහෙත් ආත්ම පවිත්රතාව උදෙසා වූ මාර්ගය අති දුෂ්කර, බාධා වලින් පිරුණු එකකි. නියමාකාර පවිත්රත්වයක් ළඟා කරගැනීමට නම් ඒ පුද්ගලයා සිතුවිල්ලෙන්, කතාවෙන් සහ ක්රියාවෙන් සියළු ආශාවන්ගෙන් තොර විය යුතුය. ආදරයේ සහ වෛරයේ ප්රතිවිරුද්ධ ආවේගයන් අභිබවා නැගී සිටිය යුතුය. බැඳීම් සහ පසුබටවීම් පරාජය කළ යුතුය. මා තුළ නම් එම ත්රිවිධ පවිත්රතාව නැති බව මම දනිමි. ඒ වෙනුවට මා තුළ ඇත්තේ වෙනස් නොවන, නොකඩවා පවත්නා මහත් වූ පරිශ්රමය ය.
සියුම් ආශාවන් පරාජය කිරීම, ආයුධ බලයෙන් මුළු ලොවම දිනනවාට වඩා අපහසු දෙයකි. මා තුළද නිදිගත් ආශාවන් සැඟව පැවති බව මම අත්දැක ඇත්තෙමි. එසේ මම දන්නා නිසාවෙන් එම ආශාවන් පරාජය කළ නොහැකි වුවත් අඩුම ගණනේ ඒවා නොකර සිටීමට හෝ මට හැකි වූ බව හැෙඟ් . අත්දැකීම් සහ අත්හදාබැලීම් මා දරා සිටියේය. එහෙත් මා ඉදිරියේ අතිදුෂ්කර මාර්ගයක් හරහට ඇති බව මම දනිමි. එනිසා මා මගේ මමත්වය බින්දුවට පහළ දැමිය යුතුය. තමා අවට සිටින අනෙකුත් පුද්ගලයන් අතර තම කැමැත්තෙන්ම අන්තිමයා බවට හැම දෙයකින්ම පත්වනතුරු ඔහුට ගැළවීමක් නොමැත්තේය. නිහතමානීත්වයේ උපරිම සීමාව අහිංසාවයි.
ඉතින් සත්යයේ දෙවියන්ට යාච්ඤා කිරීමට මා සමඟ එකතුවන මෙන් ආයාචනා කිරීමට මම කැමැත්තෙමි. එයට මා හට මෙන් ඔබගේ මනසටද, වචනයට හා ක්රියාවටද අහිංසාවේ වරය දිය හැකි වනු ඇත. ”
No comments:
Post a Comment