Thursday, March 29, 2012
ජාතියේ බලු රැළ
මේ කතාවේ හැටියට එන කකුල් දෙකේ බලු රැළ හරි අසාධාරණය. ඔබගේත් දැනගැනීම පිණිස මෙහි පළ කරමි.
එක්තරා ආශ්චර්යමත් රටක එක විටම ඇදහිය නොහැකි ලෙස ඉන්ධන මිල ඉහල දැමිණ.
1. ඉන්ධන මිල ඉහල දැමූ විගස බස් කරුවන් වර්ජනය ආරම්භ කරයි. රටේ සාමාන්ය ජනයා යන එන මං නැතිව පාරවල දුක් විඳියි. මෙනිසා ඇමති බස් කරුවන්ට බියෙන් ගාස්තු වැඩි කිරීමට එකඟ වේ.
2. ඉන්ධන මිල ඉහල දැමූ විට විදුලි බිල වැඩි වේ. දුක රටේ සාමාන්ය ජනයාටමය.
3. ඉන්ධන මිල ඉහල දැමූ වහාම ප්රවාහන ගාස්තු ආදියෙන් පාඩු බව කියා බේකරි හිමියන් පාන් මිල වැඩි කරයි. පහර වදින්නේ ප්ලේන්ටියත් සමඟ පාන් පෙත්තක් බනිස් ගෙඩියක් කන සාමාන්ය ජනයාටය.
වැඩි දෙනෙක් දුකින් කඳුලින් දරාගත්තද මේ හැම දුකම ඔලුව උඩ වැටුණු පසු දරාගත නොහැකි එකෙක් දෙන්නෙක් මේ හැමට විරුද්ධව පාරට බසී.
බස් එකටවත් බේකරියටවත් විදුලිබල මණ්ඩලයටවත් නොපැමිණි මේ බලුරැළ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ පොල්ලෙන් උණ්ඩයෙන් කඳුලු වායුවෙන් වතුරෙන් වැඩ කිඩ පෙන්නන හැටි දැන් මේ හැම දෙයින්ම පීඩා විඳින අසරණ සාමාන්ය ජනයාට බලාගන්නට පුළුවනි. මේ මිනිසුන්ට අදහසක් ප්රකාශ කරන්නට ඉඩ නොදෙන සැටි විශ්මයජනකය. මේ රැලේ බල්ලන්ට නිදහසට අගනා කාරණයක් ඇත. ඒ මේ හැම දේම කරන්නේ බලු හිමියා දෙන නියෝග අනුවයැයි අසරණව මොවුන් ප්රකාශ කරයි. පවු. පවු කීවේ නියෝග පිලිපදින්නට වෙනවාට නොවේ. ඒ කීවේ මේ නියෝග අනුව උන් සපා කන්නේ උන් වාගේම ඇට මස් ලෙයින් සැදි උන්ගේ වරිගයේම අය බව උන්ට නොතේරෙන නිසා ය. අනේ පවු. මුන් සිතන්නේ මේ මිනිස්සු පාරට බැස්සේ නිකන් ආතල් එකේ ගෙදර ඉන්න බැරුවට කාලයකින් ඇඟේ පතේ හිරි ඇර ගන්ටත් එක්ක එකතු වී පාරට තොටට විත් කෑ ගසන බවය. මේ රැලේ බල්ලන් කඩවල් වලින් නොමිලයේ කෑම කති.
සුන්දරම කතාව පටන්ගන්නේ දැන් ය. අපේ රටේ මේ වාගේම බලු රැලක් තෝරාගන්නා බව මට අසන්නට ලැබිණි. රස්සාවේ පත්වීම් ලිපිය ලැබෙද්දීම වාගේ මිනිස්කම පුලුස්සා දමන මිනිස්කම නැතිවී යන රස්සාවක් අපේ රටේද ඇත. මෙම අරුම පුදුම රස්සාවට මිනිසුන් නොබනිනා බැනුමක් නැත. කොතරම් බැනුම් ඇසුවද මුන්ට ලැජ්ජාවක්ද නැත. පාරේ කුණුගොඩවල ජරාව කන බල්ලෝ සහ මේ අය අතර වෙනසක් නැති තරමටම මුන්ද ජරාව කන්නෝ වෙති. බල්ලන් මෙන්ම මේ අයද පාරේ ජරාව කෑමට සැදී පැහැදී සිටින අයුරු ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැක බලා ගත හැක. එකම වෙනස බල්ලන්ට නිල ඇඳුමක් නැති කමය. හැබැයි අපි ගානෙවත් වියදං කරලා උන්ට නිල ඇඳුමක් මසා දුන්නොත් ඉතින් වෙන් කරලා අඳුරගන්න නම් ටිකක් අමාරු වෙයි තමයි.
මා මේ ලිපිය ලියන්නට ප්රධාන හේතුව එය ය. එනම් මේ බලු රැල වාගේම පිරිසක් අපේ රටේ ඉන්න බව මට එක පාරටම මතක් විය. ඒ කවුදැයි කියන්නට නම් මම තවම හරියටම දන්නේ නැත. බලන්නකො ඕගොල්ලොවත් දන්නවද කියලා...
Subscribe to:
Posts (Atom)