Saturday, February 19, 2011

මාගේ දේශය අවදි කරනු මැන...

පටු අදහස් නම් පවුරෙන් ලෝකය
කැබැලි වලට ‍නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි

සත්‍යය පතුලින් ගලනා පිරිසිඳු
වචනැ කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව කල්කයේ
සිඳී ගිලී නොගිලේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි

පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තෙ කොතැනකදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි

No comments:

Post a Comment