එළ කෑල්ල.. - The most beautiful girl
ජැන්ඩියට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක් එළදෙනෙක් එක්ක තරු පහේ බාර් එකකට ගොඩ උනා.
"මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පොක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"
"මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව....
තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය...
"කීයද ගාන....?"
"රු. 62,800/= යි..." සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800 ක් මේසේ උඩ තිබ්බ....
"බැලන්ස් එක ඔයා තියගන්න....."
දවස් කීපයකට පසුව නැවතත් ඒ ජෝඩූව ආවා...
"මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි, බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි..... ඔයාට මොනවද ඩාලිං....?"
"මටත් එකෙන්ම දෙන්න මෙයා...."
බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....
"සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"
"ඔයාට ප්රශ්නයක් නෙමෙයිනම් මට ප්රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."
වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල....
"රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."
අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!@#****.
"සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"
"ඒක ටිකක් ළොකු කතාවක් ළං වෙනව කියන්න.. මට රස්සාවකුත් නැතුව, කෙල්ලෙකුත් නැතුව, සල්ලිත් නැතුව ජීවීතේ එපාවෙලා බම්බ ආවා කෝච්චියට බෙල්ල තියන්න... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත...."
"නෑ...? කවුද...? පොලිසීයෙන්ද...?"
"නෑ අයිසෙ.. පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ...ලස්සනම ලස්සන සුරංගනාවියක්..."
"එයා කිව්ව වරම් තුනක් දෙන්නම් කියල. මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්, හරි රොස්මිඩ් ප්ලේස් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව. දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා..."
"ඉතින් .... ඉතින් සර් මොනවද ඉල්ලුවේ....."
"මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා..."
"ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?
"ඊලඟ වරමට මම සුරංගනාවීගෙන් ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්....."
අවවාදය :-
දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන කොට නියමාකාරයෙන් ඉල්ලන්න පරිස්සම්වෙන්න.....
Tuesday, February 22, 2011
the joke of canada team
ayyo pau me gollo eda paradila thiyenne meka hindane, pau megollo
natanna bari miniha polowa adai kiwalu
ane anichchan
පුහුණුවීම් වලට කුඩම්මාගේ සැලකිලි-කැනඩා පුහුණුකරු කියයි
Feb 20,2011
ශ්රී ලංකාව තමන්ගේ පුහුණුවිම් කටයුතු වලට නිසි සහයෝගයක් ලබා නොදුන් බව කැනඩා ක්රිකට් කණ්ඩායම් පුහුණුකරු පුබුදු දසනායක මහතා පවසයි.
ශ්රීලංකාව හා කැනඩාව අතර 2011 ලෝක කුසලානය වෙනුවෙන් අද දින පවත්වන්නට නියමිත තරගයට අදාළව පෙර පුහුණු කටයුතු සිදුකිරීමේදී හම්බන්තොට සූරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී බාධා කිරීම් සිදුකළ බව ඔහු විසින් විදෙස් මාධ්යට පවසා තිබේ.
ඒ අනුව පසුගිය සිකුරාදා හා සෙනසුරාදා දිනයන්හි තම පුහුණුවීම් කටයුතු වලට නිසි සහයෝගයක් ලබා නොදුන් බවත්.ඊට බාධා කළ බවත් ඔහු සඳහන් කර ඇත.
ශ්රී ලංකාව තමන්ගේ මව් රට බවත්,ශ්රී ලංකාවේ ක්රිකට් ක්ෂේත්රය පිළිබද තමන්ගේ ගෞරවයක් පවත්නා බවත්,එසේ හෙයින් ශ්රී ලංකා ක්රිකට් බලධාරීන්ට එරෙහිව කැනඩා ක්රිකට් මණ්ඩලය දැනුවත් කිරීමට සිදුවීම පිළිබඳ කනගාටුවට පත්වන බවත් දසනායක මහතා කියා සිටියි.
කෙසේ වුවද ශ්රී ලංකාවට එරෙහිව ප්රසිද්ධියේ දුක්ගැනවිලි කියන්නට බලාපොරොත්තුවක් තමාට නොමැති බවද කැනඩා ක්රිකට් කණ්ඩායම් පුහුණුකරුවා සඳහන් කර ඇත.
කැනඩා කණ්ඩායමට පුහුණු වීම සඳහා ලබා දී තිබුණු නියමිත වේලාවට ක්රීඩාංගණයට සහභාගී වුවත් ඒ වන විටත් ශ්රී ලංකා කණ්ඩායම තව දුරටත් පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටි නිසා තමන්ට පැය 2 ක් පමණ ප්රමාද වන්නට සිදුවූ බව හෙතෙම අවධාරණය කර ඇත.
ඉක්බිතිව ක්රීඩාංගණයට පිවිසුණත් පුහුණුවීම් කරන්නට හැකිවූයේ මිනිත්තු 45 ක් වැනි සුළු වේලාවක් බවද,තමන් තව දුරටත් පුහුණුවීම් කළ යුතු බව දන්වා සිටියත් ක්රීඩාංගණයේ බලධාරීන් පුහුණු දැල් හකුළා දැමූ බවටත් ඔහු චෝදනා කරයි.
කෙසේ වුවද පුහුණුවීම් සඳහා වෙන්කෙරුණු දෙවෙනි දිනයේද මේ අයුරින්ම අකටයුතුකම් වලට මුහුණ පාන්නට තමන්ට සිදුවූ බව ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබේ.
කැනඩා ක්රිකට් කණ්ඩායම් පුහුණුකරු පුබුදු දසනායක මහතා 90 දශකයේ ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයෙකු වන අතර ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක් හා එක්දින තරග 16 ක් සඳහා සහභාගී වී ඇති බවද .ශ්රී ලංකා කණ්ඩායමෙන් සමුගත් පසු කැනඩාවේ කණ්ඩායම් පුහුණුකරු ලෙස පත්වී ආ බවත් ඒ.එෆ්.පී පුවත් සේවය වැඩිදුරටත් උපුටා දක්වයි.

Sunday, February 20, 2011
දෙවරක් සිතන්නට මොහොතක්... you must see this video...
ඉන්ටර්නෙට් එකෙන් කොච්චර බොරු දේවල් බලනවද අපි,
හැකිනම් මේ වීඩියෝව බලන්න පොඩි කාලයක් දෙන්න...
විනාඩි 9ක් තිබුණත්...
මට මේ සටහනට දාන්න සිරස් තලයක් හිතාගන්නවත් පුළුවන් වුනේ නැහැ...
ඇත්තටම මගේ ජීවිතේ ලොකූ හිස් බවක් දැනුණා මේක බලලා ඉවරවුනාම...
අනිවාර්යයෙන් බලන්න මම ඔයාලට අණ කරනවා කියලා හිතා ගත්තත් කමක් නැහැ...
මට කමෙන්ට් අවශ්ය නැහැ, මේක බලලා ජීවිතේට දෙයක් ගන්න
අපි ජීවත්වන බොරු ජීවන ක්රමය ගැන හිතන්න...
අපේ අවධානය යොමු නොවුණු පැත්තක් තවත් තියනවා කියන එක හිතන්න...
ඇත්තටම
මට කියන්න වචන නැහැ...
බලන්න
මම කියන්නෙ මොකද්ද කියලා තේරෙයි

Saturday, February 19, 2011
Suggestions and Discussions
මගේ බ්ලොග් එක සම්බන්ධ යෝජනා මෙහි කමෙන්ට් කරන්න...
බනින්න ඇති අය බනිත්වා... ගල් මුල් වලට ඇති තරම් ඉඩ...
හොඳක් කියන්න නං නැතුව ඇති, ඒත් බැරිවෙලාවත් තිබ්බොත් කැමතිනං දාන්න...
බොහෝම ස්තූතියි !
බනින්න ඇති අය බනිත්වා... ගල් මුල් වලට ඇති තරම් ඉඩ...
හොඳක් කියන්න නං නැතුව ඇති, ඒත් බැරිවෙලාවත් තිබ්බොත් කැමතිනං දාන්න...
බොහෝම ස්තූතියි !
මාගේ දේශය අවදි කරනු මැන...
පටු අදහස් නම් පවුරෙන් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
සත්යය පතුලින් ගලනා පිරිසිඳු
වචනැ කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව කල්කයේ
සිඳී ගිලී නොගිලේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තෙ කොතැනකදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
සත්යය පතුලින් ගලනා පිරිසිඳු
වචනැ කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව කල්කයේ
සිඳී ගිලී නොගිලේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තෙ කොතැනකදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
ආදරණීය ඉල්ලීමක් / aadaraneeya illeemak...
මේ මගේ හිතේ අදහස්...
ඉතිං මේ සටහන් වල මොනවා හරි සමාජයට නොගැලපෙන ප්රසිද්ධියේ පළ නොකළ යුතු දේවල් මගේ අතින් පළ වෙන්න ඉඩ නැතුවා නොවෙයි
ඒ මගේ සිතුවිලි කියවන දයාබර ඔබ සැමට පුංචි කාර්යයක් තියෙනවා කරන්න
මොනවහරි ඕන නැති දෙයක් දැක්කොත් කමෙන්ට් එකක් නොදා ඉන්න එපා හොඳද!
මට ඒක කරන ලොකුම ලොකු උදවුවක්...

පියාණෙනි සිහි කරමි නිතින් ඔබෙ ගුණ
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
Click this link to Download this Precious song...

Friday, February 18, 2011
තිත්ත ඇත්ත...
![]() |
| I better die today before tomorrow!!! |
දන්නවද? සමාජයෙ දේවල් හරි හැටි එක එක්කෙනා අතර බෙදිලා නැහැ නේද?
සමහර මිනිස්සු කන්න කිසිම දෙයක් නැතුව අතේ සතයක් නැතිව ඉද්දි සමහර මිනිස්සු සල්ලි වලට කරන්න දෙයක් නැතිව කැසිනෝ වලට පාටි වලට වියදම් කරනවා.
ඉතිං මම කියන්න හැදුවෙ මේ බ්ලොග් එකේ මිනිහෙක්ට හදවතට රිදෙන්න දැනෙන දේවල් දාලා තිබ්බට මේක කියවන්න අවශ්ය් පුද්ගලයා කවදාවත් මේක කියවන් නැහැ...
මේවා කියවන්නෙ සමාජය ගැන දැනුමක් තියෙන දැනුම තේරුම ඇති මනුස්සයෙක් විතරයි...
![]() |
| please give me some money??? |
මේ දවස්වල දුර බස් එකක යනවනම් ඔයාලට අපූරු දෙයක් බලාගන්න පුළුවන්...
මම මේ පළ කරන්නෙ වෙළඳ දැන්වීමක්නම් නෙවෙයි
"මනස" කියලා සඟරාවක් විකුණන්න බස් රථයට ගොඩවෙන තරුණයෙක් තරුණියක් ඔබ අනිවාර්යයෙන්ම දැකලා ඇති...
ඔන්න එයාලා නගින කොට ගොඩ දෙනෙක් අයියෝ වදයක් කියලා බනින්න ගන්නවා...
මගේ පෞද්ගලික මතය මෙන්න මේකයි
මම කලින් කියපු විදියට සමාජයේ මේ වගේ පණිවුඩ යන්නැහැ කියපු මිනිස්සු දාහකගෙන් එක මනුස්සයෙක් ළඟට හරි මේ විදිහට සාර්ථකව පණිවුඩයක් ගෙනියන්න පුළුවන්...
ඒ කොහොමද?
ගොඩක්ම මේ පණිවිඩ අහකට දාන්නෙ සමාජයෙ ටිකක් ලෙවල් එකට අනිත් අයට ෂෝ එක දාගෙන ඉන්න අයම තමයි.
ඉතින් මෙයාලා කැමති නැහැ සෙකන්ඩ් වෙන්න...
අනිත් මනුස්සයා ගන්නවා දැක්ක නිසාම මේ පත්තරය/සඟරාව ගන්නවා
එහා සීට් එකේ ඉන්න කෙල්ලට තමන් උගතෙක් වග පෙන්නන්නත් සමහර අය සඟරාව ගන්නවා
ඉතින් මේ ගන්න සඟරාව නිකන් ඔතාගෙන අරන් යන්නෙත් නැහැනෙ
ටිකක් හරි බලනවා නේද?
විරැකියාවෙන් පෙළෙන සමාජයෙ අසරණ වෙච්ච එක කොට්ඨාශයකට රැකියාවක් විතරද මේ
ගොඩක් වටිනා දේවල් ඒකෙ ලියලා තියෙනවා මම දැකලා තියනවා
අවංකවම කියනවනම් මම තවම සඟරාවක් සල්ලි දීලා අරන් නැහැ
ඒ වුණත් යාළුවනේ වැඩේ වටිනවා නේද? ඒක ප්රැශංසා කරන්න ඕනෙමයි
මේ බෙදීයාම පටන් ගන්නෙත් බුද්ධියෙන්ම තමා...
තමුන්ට සල්ලි ගොඩක් තියන එක අසාධාරණ නැහැ ඇයි එයා සාධාරණව හොයපු සල්ලි වෙන්න පුළුවන්...
තමුන්ගෙ මොළය පාවිච්චි කරන ගමන්ම ඒකට අලුත් අලුත් ඔප්ෂන් එකතු කරන්න ඕනෙ
ඒත් තියන දේම ඔහේ තියාගෙන අද මිනිස්සු පරණ හණමිටි අදහස් වලම එල්ලිලා
මම දන්නැහැ එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා...
Is This Really Necessary ?
recently i found a web site which is advertising on a book named 'who was the real Jesus?'
Click on this link if you want to see it in your own eyes...
i am a catholic... but my Catholicism was not the point of posting this article...
i'm asking this... the world is getting worse than never been before...
we are not spending our lives as good as we need to spend it...
every religion in this world is teaching us something to spend this precious life better... that is for our own good...
great Lord Buddha once told that
"finding the secrets of this world is not necessary...
just find your way to Nirvana..."
this is what i wanted to say...
please lets stop fighting for prove
"my religion is the best", "only my religion tells the truth", "your religion is not a true one", "i can prove that your religion is not a true one"
this is not the thing we have to do
please just stay as your religion want you to stay...
every religion has its own spirit of telling mankind how we need to spend our lives in this world
helping each other, caring for our elders, taking care of / obey / treat our parents, speaking mild words, preventing from stealing and lying and alcohols and all other unnecessary things.
we can do this all... only by doing all these we are getting equal at last,
death is a common thing for all... only one definition is need to be happened
the life after death is not decided on the believing religion of a man... only one thing is need to be happened...
this only thing need to say is that it is defined differently by people at past...
that's how the religions concept came up in this world...
so that we better not wasting our time on proving the religions for right or wrong in this very little lifetime...
we can die happily after we know we spent a good lifetime...
these people only trying to make their money portion bigger and bigger...
let them make it bigger, they also not taking any amount when they are dead...
we must start to live our life on the right path so that we can prepare well when we are dead...
so,
lets see whether we can make a difference...
regards
from me
Udith

Thursday, February 17, 2011
thibiya haki ekama aula... / තිබිය හැකි එකම අවුල...
boho denekta meke thibena ekama aula sinhala akuru nopenena eka neda?
බොහෝ දෙනෙක්ට මෙහි තිබෙන එනම අවුල සිංහල අකුරු නොපෙනෙන එක නේද?
මේ ලින්ක් එක ක්ලික් කරන්න...
me link eka click karanna...
බොහෝ දෙනෙක්ට මෙහි තිබෙන එනම අවුල සිංහල අකුරු නොපෙනෙන එක නේද?
මේ ලින්ක් එක ක්ලික් කරන්න...
me link eka click karanna...
තේරුමක් නැති මගේ කවි පොත... (පොතක් කිව්වට කවි 5 යි තියෙන්නෙ)
දුටු නෙත නිතැතින්ම ඒ වත වෙතින් මම
නටුවෙන් නෙළු මලක් අත සිත නැත කදිම
ඉටු දෙවි වරම් සත අත සිත ගතොත් සම
වටු ලිහිණියෝ වෙත වත් පත දෙමි මෙ මම
තරු තෙර අතර තුර තරුවක වරුණ කිම
තොර නැති අඹර සර සිරි දැක වරද තම
වර ලැබි අය අතර වර නැති අය සෙවුම
කළුනික සොයමි එයටත් පහසුතව මෙ මම
සතුරු මිතුරු ගරු විරු තොරතුරු මහරු
තරු ගුරු සිකුරු දරු මරු හිරු අගරු සරු
තුරු පිරු අයුරු හුරු වරු දැරු කුරු සිදුරු
කරු මෙරු වහරු මහදුරු සූදුරු කදුරු
රට වට කහට වැට කොට කට සට කපට
බට කැට සිට ඊට පට නැට හෙට පහට
නිවට පිහිට ගැට ගෙට විට බැට සුමට
පිට උට රහට මට ඇට අට පොට විකට
බට ගෙට හෙට පහට මට විට කට රහට
රට වට වැට කොටට කොට පිට සට කපට
අට සිට ගැට සුමට මිට බැට උට කෙවිට
පට හැට අටට යට හිට උට පිට නිවට

කතෝලිකයෙක් වූ මාගේ කතෝලික දැක්ම... (දුක වැඩි කමට ලිපිය දිග වැඩි වුණි...)
සැම දෙයම බෙදාගන්නට නොව බදාගන්නට නැඹුරුවූ අමුතු රුවිතයකට ලොව තම අත්දැකීමේ පාද තබා අවසන් යුගයකි අපි දැන් මේ පසු කරමින් සිටින්නේ. ප්රධාන වශයෙන්ම රූපවාහිනිය, marketing strategies යන ගාම්භීරවූ ලේබලය අලවා, එවන්වූ ආත්මාර්ථයේ හැඟීම් අප සිත් වෙත අපටත් හොරෙන් මේ දිනවල එවමින් පවතී. එබැවින් අපගේ අවධානය යොමු විය යුතු කරුණක් මෙහි අන්තර්ගත කර ඔබගේ අවධානයට පාත්ර කරන්නට මම තීරණය කෙළෙමි.
පසුගියදා මම කොළඹ පිටකොටුව වීදි ආශ්රයේ ඇවිදිමින් සිටියෙමි. ජීවිතයේ තවත් දවසක් ගැන සැකයෙන් සිටින්නාවූ මිනිසුන් තම අද දිනය පණ පිටින් සිටින්නට ගන්නාවූ වෙහෙස, උපාය ගැන සිතට එන්නට ඒ ඇවිද්ද පය හොඳින්ම ප්රමාණවත් විය.
තවත් දිනෙක මීගමුව නගරයේ සිට නිවෙස බලා එන අතරමගදී දුටුවේ මාර්ගයේ වටරවුම මත මහ දවාලේ නිදා සිටින කාන්තාවකි. (සමහර විට මෙය මීගමුව ප්රදේශවාසීන්ගේ නිතර දකින සුදු කරමලක් විය හැක.) එහෙත් රැහැයියෙක්ගේ හඬින් පවා නින්ද කඩාගන්නාවූ අපිත්, එසේ මහපාර මැද දහසක් වාහන එන්ජින් නළා හඬ මැද පවා නිද්රාගතව සිටින ඒ කාන්තාවත් දෙවිපියාණන් වහන්සේගේම දරුවෝ නොවෙත්ද?
ලියමනට අදාළ වන්නටනම් කොහෙත්ම සිත එකඟ නොවේ. දැන් සිතේ සිරවූ අදහස් පෑන් තුඩ අසල ඇති කරන්නාවූ පීඩනය මා හට හොඳින්ම දැනේ.
අමුතුම ආකාරයේ බාර පිළිබඳව විස්තර මම අසා ඇත්තෙමි. ඒවාට උදව් කරන්නටද මම ගොස් ඇත්තෙමි. මේ අය ආදර දෙවිපියාණන්ගෙන් ඉල්ලන්නේ කුමක්දැයි නම් මම නොදනිමි. සමහරවිට මහ රෑ නිදන්නට නොදී බුරන බල්ලෙකුගෙන් තමාව බේරා ගැනීමට කරන ආයාචනයක් විය හැකිය. මන්ද එය ඉටුවුවහොත් දේවස්ථානයේ මංගල්යයේ සන්ධ්යා මෙහෙයේ අවසානය මුළුමහත් පෘථිවිය නම්වූ ධරණී තලයම දෙදරවන්නට තරම් රතිඤ්ඤාවලින් සරසවන හෙයිනි.
ඉටිපන්දම් තරඟය තවත් රසවත් බාර ක්රමයෙකි. තමන්ගේ උසට හොඳින්ම ඉටිපන්දම් සෑදීමට ඇති හැකියාවද දේවස්ථාන වලදී දෙවිපියාණෝ මැන බලන සේක. මේ අයගේ ජයග්රාහිකයින් ලෝකාවසාන දිනදී තම ත්යාග සහ සහතිකපත් ලබාගනු ඇත. තවද අප සැමගේ ආදර දේවමාතාවන් වහන්සේද තමන්වහන්සේගේ සියළු හැකියාවන් මුද්රණය කළ කොළ පිටපත් කීයක් ජනතාව අතරේ බෙදා දුන්නේදැයි සොයා බැලීමට සෑම සතියකටම වරක් දේවස්ථානය වෙත වැඩම කරන සේක. වැඩියෙන්ම කොළ බෙදාදුන් අය සොයා බලා උන්වහන්සේ ඒ අය වෙනුවෙන් පමණක් දෙවිපියාණන් හමුවේ යාච්ඤා කරන සේක.
අනේ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කලෙම්ද? කුමකින් තට මම පීඩා කලෙම්ද? මට උත්තර දෙව..! සැබවින්ම ජේසුස් ක්රිස්තුස් වහන්සේ එසේ අසත්දැයි අපි කෙසේ නම් දනිමුද? අන්ධයෙක් වූ මම දැන් එළිය දකිමින් සිටිමි. නැතිනම් අන්ධයෙක්ට පාර පෙන්වන්නට මට හැකිවන්නේ කෙසේද? අඩුම තරමේ මම දකිමින් සිටින්නාවූ එළිය ගැනවත් මම මෙතැන දක්වමි. කිසිදිනෙක මෙවන් අර්ථශුන්ය ක්රියාවක් මා අතින් නම් සිදු නොවන බව මම ඒකාන්තයෙන්ම දනිමි.
දැන්වත් මේ මිථ්යාවන්ගෙන් මිදෙන්නට අපි සූදානම් වෙමුද මා ප්රියාදර ලක්වැසි කතෝලික ජනතාවෙනි...? ඇස් විවර කොට සැම දෙය දෙසම බලන්න, අපේම පල්ලියේ මංගල්යය ආත්මාර්ථය පෙරටුකොට ගෙන පැවැත්වූ ආකාරය, හැකියාව තිබියදීත් උදව් අවැසිවූ තැනින් අපේ ඇස් අහකට හරවාගත් ආකාරය, මෙලොවට හෝ පරලොවටවත් සෙතක් නොවන්නාවූ පටු දෙයින් දෙවියන් වහන්සේ පරික්ෂා කිරීමට ගත් උත්සාහය, ඇඳුමක් පැළඳුමක් නොමැති නිසා පමණක්ම අනභිබවනීය වූ දිව්යපූජාව මඟහැරි අයුරු.
බඩු බාහිරාදියේ මිළ අහසට ළඟා වූවායැයි සිතමු. (සිතන්නට නම් අවශ්ය නොවිය හැක.). මිනිසුන්ට එදා පැවති කුසගින්න නොදැනේද? බඩු මිළ බොහෝම වැඩියැයි සිතා ආහාර අනුභවය විකල්ප පැලැස්තරයකින් වසා ගන්නට හැකිද? කෙතරම් වුවද එය මිළදී ගැනීමට අපව මෙහෙයවන්නා සේය, අපි සැවොම වෙනදා මෙන් නැතත් කෙසේ හෝ යමක් මිළදී ගන්නවා නොවේද?
එසේමය, අවශ්යතාවය ඇති තැන, වෙසෙසින්ම අවැසිතාවය වැඩි තැනක පවතින කොන්දේසි බොහෝම බල රහිතය. ධර්මය වෙත අද සිදුව ඇත්තේද ඒ දෙයය. මෙතැනින් නම් කතාව පාරවල් දෙකකට යාම නවත්වන්නට නොහැකිය. ආහාරයේ අවැසිතාවය දහම තුලින් පිරිමසාගැනීමේ තැත නොහොත් සරලම භාෂාවෙන් නම් ආගම විකුණාගෙන කෑම එකකි. සුව මෙහෙය කොතැනද කොන්ත කඩයක් කොනකින් ඇරඹේ. මංගල්යය ලංවූවිට තරුණ සමිතිය රැස්වන්නේ මංගල්යයේ පූජාව සංවිධානය කරන්නටද..?, අනේ නැත, මංගල්යය දින පවත්වන ආහාර අලෙවිසැලේ සංවිධාන කටයුතු සඳහාය. විකුණාගත නොහැකි ඕනෑම භාණ්ඩයක් විකුණාගැනීමට මා සතුව අගනා අදහසක් ඇත. කළ යුතු වන්නේ එහි දේවමාතාවන්ගේ හෝ කුරුසියක හෝ ස්ටිකරයක් ගසා සිද්ධස්ථානයක මංගල්යය දිනෙක එළිමහණේ තබාගෙන සිටීම පමණි. කෑගැසීමට හෝ අවශ්ය වන්නේම නැත.
අනෙක නම් නිර්මලත්වය ආධ්යාත්මිකත්වය වෙතට ලෞකිකත්වය ඈඳීම නොහොත් තමන්හට ආගමක ඇති අවැසිතාවය නවීනත්වයට පත්කිරීමයි, මෙවන් අවස්ථාවලදී මාසයක් පුරාවට සිනහවිය හැකි තැන් සුලබ ය! කතරගම ඇතාගේ යටින් රිංගා සියළු රෝග නිවාරණය වේවා යැයි පතන අය දිහා බලමින් අපගේ සැදැහැවත් කතෝලිකයින් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ප්රතිමාව යටින් රිංගති. ගල්ගමුවේ භාග්යවන්ත ජුසේවාස් තුමන් ගිමන් හැරි ගසට තවමත් ගසෙහි හටගත් පොත්තක් මාසයක් තබාගැනීමට හැකිවී නොමැත. ඒ පොතු හටගත් විගසම දේවාශිර්වාදයේ ලේබලය ගසා ගසින් රැහැගනු ලබයි, ඉන්පසුව අපේ බහුතරයක් ආච්චි අම්මලාගේ මළු තුලට හෝ සුරුවම් කූඩු වලට වී සිය ඉතිරි කාලය ගෙවන්නට ඒ පොතුවලට සිදුවේ. පාතිමා නුවර දිය උල්පතින් ගෙනා ජල බඳුනක් වෙනුවෙන් ආගම පවා පාවාදීමට අපගේ සැදැහැවතුන් සූදානම්ය. මෙවන්වූ භෞතික වස්තූන් ආගම ලෙසින් මැනීම බොහෝම සරු ලෙසින් අද වන විට සිදුවෙමින් පවතී.
මෙවන් ආකාරයට හෑල්ලු කරන්නට තරම් මේ ආගම වසර දෙදහසක් මුළුල්ලේ කුමට පැවතියාදැයි මට සිතේ. සැබවින්ම ප්රාණ පරිත්යාගීන්ගේ ලේ මතින් මෙතරම් දුරක් පැමිණියේ මේ දෙය සිදුවීමට යන්න දන්නේනම් ඔවුන්හට මැරෙන්නට නොදී සිටීමට තිබිණි. ගෙදරට එන හිඟන්නා එළවාගන්නා අපේම සැදැහැවතුන් සමහර දෙනෙක් දිනපතාම ශුද්ධවූ පැය කිරීමට අමතක නොකරති. චතාරිකයද සම්පූර්ණ විහිළුවක් කරගෙන සිටින අපගේ සැදැහැවතුන් දැන් චතාරික කාලය තුල සූදානම් වන්නේ සිත් හැරීමේ කාලයක් වෙනුවට මහ සිකුරාදා දින පෙන්වන්නට යන නාට්යයටය.
ඉරිදා දිව්ය පූජාවට පැමිණ ‘එක’ දා ගැනීමේ සිරිතක්ද මේ දිනවල ජයෙන් ජයටම කෙරීගෙන යයි. උදේ 7ට දිව්යපූජාවට පැමිණ 7.30 ටියුෂන් පංතිය වෙත යාම සඳහා 7.20ට නැඟිට යන සියළුදෙනාට දෙවිපියාණන්ගේ දිව්යපූජා රෙජිස්ටරයේ ‘එක’ දාගත් නිසා ලෝකාවසාන දින, නම්පොත බැලීමේදී කිසිදු ප්රශ්නයක් ඇතිවන්නේ නොමැත. මෙවන් අය 1000ක් ඉරිදා උදයක සොයා දීමට හැකියැයි කියා ඕනෑම කෙනෙකුට කිසිදු බියක් නොමැතිව ඔට්ටුවක් වුවද ඇල්ලීමට හැකිය. (උත්සාහ කර බලන්න). සැබවින්ම මෙය කියවන ඔබගේත් චර්යාව එසේනම් මින්පසු දිව්යපූජාවට නෑවිත්ම සිටියාට කම් නැත. ‘එක’ දා ගැනීමට පූජාව බාගයක් ඇසීම සැබවින්ම අවශ්ය වන්නේම නැත.
ලිපියේ ආරම්භයේදී කියූ ආකාරයට අපි සැවොම මනුෂ්යයෝ වෙමු. එකිනෙකා කෙරෙහි එකිනෙකාට වගකීම් ඇත්තෝ වෙමු.එකිනෙකා කෙරෙහි එකිනෙකාගෙන් අවශ්යතා ඇත්තෝ වෙමු. බොරු බාරවීම් හෝ දෙවිපියාණන් වහන්සේව පරික්ෂා කිරීම් හෝ නවතන්නට නියමිත කාලය එළඹ ඇත. බොහෝ අර්ථවත් දේ ඒ හා ගැබ්වූ වටිනාකමත් සමඟම අපගේ අත ළඟම බලාසිටින්නාහ. මෙවන් මොහොතක මිථ්යාවන්ගෙන් ගැලවී ඒ දෙයට පණක් දීමට අපට කිසිදාක නොහැකි වන්නේ නම් නොමැත.
එද ඉශ්රායෙල් ජනතාව පවා දෙවිපියාණන් අතහැර වෙනත් දෙවිවරුන් පසුපස්සේ ගියහ. එහෙත් දෙවිපියාණන්ගේ කරුණාව නිසා ඇස් පාදාගත් ඔවුන් නැවතත් දේව සංරක්ෂණයට නතුවූහ. නව ගිවිසුමේ ජුදා ජනතාව දෙවියන්පියාණන් වහන්සේව මෝසස්ගේ නීතිය පමණක් කොට ගත්තද නැවත මුල් කිතුණු සභාවත් සමඟ අත්වැල් බැඳගෙන බොහෝදෙන නිසි මඟට පැමිණියහ.
අපි නැවත මනස්ථාපනයෙන් හැරී එනතෙක් අපගේම ආදර පියාණන් වහන්සේ බලා සිටින සේක. අප සතු සියල්ල ලබා අපි දැන් මෙලොව ඒ සියල්ල පාවිච්චි කරමින් නාස්ති කරමින් සතුටු වෙමින් සිටිමු.
මෙවන්වූ කිසිසේත්ම සාමාන්ය නොවන්නාවූ මාවතක යාම දැන්වත් අපි සැම දෙනාම එක්ව නැවැත්විය යුතු වෙමු. සැම දෙනාම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැම දෙනාමය. මන්ද ඇත්තේ එකම ශරීරයකි. අපි සැවොම එහි කොටස්කාරයෝ වෙමු. නියපොත්තේ වේදනාව දවසක වැඩ නැවැත්වීමට හොඳටම ප්රමාණවත්ය. දතක වේදනාව සතියක වැඩ නැවැත්වීමට හොඳින්ම ප්රමාණවත්ය. මේ පරම ශුද්ධාත්මික ක්රිස්තු දේහය තුළ අපි එක එක්කෙනා තනි තනිව අසනීපව සිටිමු. අප අසනීප වී සිටිත් නම් ශු. සභාවටද ඉදිරි ගමනක් නොමැත්තේමය. අපි සුවය ලැබීමට කැමති නොවෙමු නම් කොතරම් සාත්තු කළද එයින් වැඩක් නොමැත. අපි සැමටම මෙනිසා මෙවන්වූ ලෞකික මිථ්යාවන්ගෙන් මිදීමට සිදුව ඇත. අපි සැවොම එකතුවී මේ අසනීපය සුව කර ගැනීමට උත්සාහ කළ යුතුව ඇත. සුවවීමට කැමති විය යුතුව ඇත. ඇත්තටම අපේ මේ ශරීරය දැන් බොහෝ අසනීපයෙනි. ඔබට එය දැනෙන්නේ නැතිද?
Wednesday, February 16, 2011
මහත්මා ගාන්ධි...
“හදවත පිරිසිඳු නැති කෙනෙකුට දෙවියන් කිසිදා අවබෝධ කරගත නොහැකිය. එනම්, ආත්ම පවිත්රතාව තිබිය යුතුය. ආත්ම පවිත්රතාව අතිශයින් බෝවන සුළුය. යම් පුද්ගලයකුගේ ආත්ම පවිත්රතාව ඔහු වටා සිටින්නන්ගේ පවිත්රතාවටද හේතු වන්නේය.
එහෙත් ආත්ම පවිත්රතාව උදෙසා වූ මාර්ගය අති දුෂ්කර, බාධා වලින් පිරුණු එකකි. නියමාකාර පවිත්රත්වයක් ළඟා කරගැනීමට නම් ඒ පුද්ගලයා සිතුවිල්ලෙන්, කතාවෙන් සහ ක්රියාවෙන් සියළු ආශාවන්ගෙන් තොර විය යුතුය. ආදරයේ සහ වෛරයේ ප්රතිවිරුද්ධ ආවේගයන් අභිබවා නැගී සිටිය යුතුය. බැඳීම් සහ පසුබටවීම් පරාජය කළ යුතුය. මා තුළ නම් එම ත්රිවිධ පවිත්රතාව නැති බව මම දනිමි. ඒ වෙනුවට මා තුළ ඇත්තේ වෙනස් නොවන, නොකඩවා පවත්නා මහත් වූ පරිශ්රමය ය.
සියුම් ආශාවන් පරාජය කිරීම, ආයුධ බලයෙන් මුළු ලොවම දිනනවාට වඩා අපහසු දෙයකි. මා තුළද නිදිගත් ආශාවන් සැඟව පැවති බව මම අත්දැක ඇත්තෙමි. එසේ මම දන්නා නිසාවෙන් එම ආශාවන් පරාජය කළ නොහැකි වුවත් අඩුම ගණනේ ඒවා නොකර සිටීමට හෝ මට හැකි වූ බව හැෙඟ් . අත්දැකීම් සහ අත්හදාබැලීම් මා දරා සිටියේය. එහෙත් මා ඉදිරියේ අතිදුෂ්කර මාර්ගයක් හරහට ඇති බව මම දනිමි. එනිසා මා මගේ මමත්වය බින්දුවට පහළ දැමිය යුතුය. තමා අවට සිටින අනෙකුත් පුද්ගලයන් අතර තම කැමැත්තෙන්ම අන්තිමයා බවට හැම දෙයකින්ම පත්වනතුරු ඔහුට ගැළවීමක් නොමැත්තේය. නිහතමානීත්වයේ උපරිම සීමාව අහිංසාවයි.
ඉතින් සත්යයේ දෙවියන්ට යාච්ඤා කිරීමට මා සමඟ එකතුවන මෙන් ආයාචනා කිරීමට මම කැමැත්තෙමි. එයට මා හට මෙන් ඔබගේ මනසටද, වචනයට හා ක්රියාවටද අහිංසාවේ වරය දිය හැකි වනු ඇත. ”
Subscribe to:
Posts (Atom)