බාල සී.එෆ්.එල්. විදුලි බුබුළු අලෙවි කළොත් දඩ
ප්රමිතියෙන් තොර සී.එෆ්.එල් (CFL) විදුලි බුබුළු අලවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්යංශය පියවර ගෙන තිබේ.
2009 ජුලි 22 වන දින 1611/10 දරන ගැසට් පත්රය මගින් අනිවාර්ය කර ඇති බලශක්ති ලේබලය රහිත සුසංහිත ප්රතිදීප්ත පහන් අලෙවි කරන වෙළඳුන්ට, බෙදාහරින්නන්ට, ළඟතබා ගන්නන්ට, හා නිෂ්පාදනය
කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.
මෙලෙස මහජනතාව නොමඟ යවන ප්රමිතියෙන් තොර (CFL) බල්බ දේශීයව නිෂ්පාදනය කරන්නන්, ආනයනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල අමාත්යංශය මහජනතාවගේ සහය පතයි.මෙවැනි
බල්බ දුටු වහාම 1901ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ගය ඔස්සේ පැමිණිළි කළ හැක.
No comments:
Post a Comment