Udith LK
මගේ සිත ඇතුලේ ඇස...
Thursday, March 29, 2012
ජාතියේ බලු රැළ
මේ කතාවේ හැටියට එන කකුල් දෙකේ බලු රැළ හරි අසාධාරණය. ඔබගේත් දැනගැනීම පිණිස මෙහි පළ කරමි.
එක්තරා ආශ්චර්යමත් රටක එක විටම ඇදහිය නොහැකි ලෙස ඉන්ධන මිල ඉහල දැමිණ.
1. ඉන්ධන මිල ඉහල දැමූ විගස බස් කරුවන් වර්ජනය ආරම්භ කරයි. රටේ සාමාන්ය ජනයා යන එන මං නැතිව පාරවල දුක් විඳියි. මෙනිසා ඇමති බස් කරුවන්ට බියෙන් ගාස්තු වැඩි කිරීමට එකඟ වේ.
2. ඉන්ධන මිල ඉහල දැමූ විට විදුලි බිල වැඩි වේ. දුක රටේ සාමාන්ය ජනයාටමය.
3. ඉන්ධන මිල ඉහල දැමූ වහාම ප්රවාහන ගාස්තු ආදියෙන් පාඩු බව කියා බේකරි හිමියන් පාන් මිල වැඩි කරයි. පහර වදින්නේ ප්ලේන්ටියත් සමඟ පාන් පෙත්තක් බනිස් ගෙඩියක් කන සාමාන්ය ජනයාටය.
වැඩි දෙනෙක් දුකින් කඳුලින් දරාගත්තද මේ හැම දුකම ඔලුව උඩ වැටුණු පසු දරාගත නොහැකි එකෙක් දෙන්නෙක් මේ හැමට විරුද්ධව පාරට බසී.
බස් එකටවත් බේකරියටවත් විදුලිබල මණ්ඩලයටවත් නොපැමිණි මේ බලුරැළ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ පොල්ලෙන් උණ්ඩයෙන් කඳුලු වායුවෙන් වතුරෙන් වැඩ කිඩ පෙන්නන හැටි දැන් මේ හැම දෙයින්ම පීඩා විඳින අසරණ සාමාන්ය ජනයාට බලාගන්නට පුළුවනි. මේ මිනිසුන්ට අදහසක් ප්රකාශ කරන්නට ඉඩ නොදෙන සැටි විශ්මයජනකය. මේ රැලේ බල්ලන්ට නිදහසට අගනා කාරණයක් ඇත. ඒ මේ හැම දේම කරන්නේ බලු හිමියා දෙන නියෝග අනුවයැයි අසරණව මොවුන් ප්රකාශ කරයි. පවු. පවු කීවේ නියෝග පිලිපදින්නට වෙනවාට නොවේ. ඒ කීවේ මේ නියෝග අනුව උන් සපා කන්නේ උන් වාගේම ඇට මස් ලෙයින් සැදි උන්ගේ වරිගයේම අය බව උන්ට නොතේරෙන නිසා ය. අනේ පවු. මුන් සිතන්නේ මේ මිනිස්සු පාරට බැස්සේ නිකන් ආතල් එකේ ගෙදර ඉන්න බැරුවට කාලයකින් ඇඟේ පතේ හිරි ඇර ගන්ටත් එක්ක එකතු වී පාරට තොටට විත් කෑ ගසන බවය. මේ රැලේ බල්ලන් කඩවල් වලින් නොමිලයේ කෑම කති.
සුන්දරම කතාව පටන්ගන්නේ දැන් ය. අපේ රටේ මේ වාගේම බලු රැලක් තෝරාගන්නා බව මට අසන්නට ලැබිණි. රස්සාවේ පත්වීම් ලිපිය ලැබෙද්දීම වාගේ මිනිස්කම පුලුස්සා දමන මිනිස්කම නැතිවී යන රස්සාවක් අපේ රටේද ඇත. මෙම අරුම පුදුම රස්සාවට මිනිසුන් නොබනිනා බැනුමක් නැත. කොතරම් බැනුම් ඇසුවද මුන්ට ලැජ්ජාවක්ද නැත. පාරේ කුණුගොඩවල ජරාව කන බල්ලෝ සහ මේ අය අතර වෙනසක් නැති තරමටම මුන්ද ජරාව කන්නෝ වෙති. බල්ලන් මෙන්ම මේ අයද පාරේ ජරාව කෑමට සැදී පැහැදී සිටින අයුරු ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැක බලා ගත හැක. එකම වෙනස බල්ලන්ට නිල ඇඳුමක් නැති කමය. හැබැයි අපි ගානෙවත් වියදං කරලා උන්ට නිල ඇඳුමක් මසා දුන්නොත් ඉතින් වෙන් කරලා අඳුරගන්න නම් ටිකක් අමාරු වෙයි තමයි.
මා මේ ලිපිය ලියන්නට ප්රධාන හේතුව එය ය. එනම් මේ බලු රැල වාගේම පිරිසක් අපේ රටේ ඉන්න බව මට එක පාරටම මතක් විය. ඒ කවුදැයි කියන්නට නම් මම තවම හරියටම දන්නේ නැත. බලන්නකො ඕගොල්ලොවත් දන්නවද කියලා...
Wednesday, October 19, 2011
කාලය හරිද??
හැම දේටම කාලයක් තියනවා කියන්නෙ...
ඉතිං ඔය කියන ඇත්තොම කියනවනං
ඒ ඒ කියන දේවල් වලට මේ මේ කාලෙ හරියි කියලා...
ලොකු උදව්වක් ඕං...
ඉතිං ඔය කියන ඇත්තොම කියනවනං
ඒ ඒ කියන දේවල් වලට මේ මේ කාලෙ හරියි කියලා...
ලොකු උදව්වක් ඕං...
Thursday, April 28, 2011
ඔබටත් පැමිණිලි කළ හැක... you people also can complain...
බාල සී.එෆ්.එල්. විදුලි බුබුළු අලෙවි කළොත් දඩ
ප්රමිතියෙන් තොර සී.එෆ්.එල් (CFL) විදුලි බුබුළු අලවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්යංශය පියවර ගෙන තිබේ.
2009 ජුලි 22 වන දින 1611/10 දරන ගැසට් පත්රය මගින් අනිවාර්ය කර ඇති බලශක්ති ලේබලය රහිත සුසංහිත ප්රතිදීප්ත පහන් අලෙවි කරන වෙළඳුන්ට, බෙදාහරින්නන්ට, ළඟතබා ගන්නන්ට, හා නිෂ්පාදනය
කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.
මෙලෙස මහජනතාව නොමඟ යවන ප්රමිතියෙන් තොර (CFL) බල්බ දේශීයව නිෂ්පාදනය කරන්නන්, ආනයනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල අමාත්යංශය මහජනතාවගේ සහය පතයි.මෙවැනි
බල්බ දුටු වහාම 1901ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ගය ඔස්සේ පැමිණිළි කළ හැක.

kurunegala people please read, කුරුණෑගල අයට...
විදුහල්පතිගේ අනුමැතියක් නැතිව 18ට අඩු නම් ඉන්ටර්නෙට් කැෆේ යන්න බෑ
විදුහල්පතිවරයාගේ අවසරයක් නොමැතිව වයස අවුරුදු 18 ට අඩු පාසල් ශිෂ්ය ශිෂ්යාවන්ට කුරුණෑගල නගරය ආශි්රතව ඇති ඉන්ටනෙට් වෙළඳසල්වලට ඇතුළුවීම තහනම් කොට ඇත.
කුරුණෑගල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා විසින් මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා කුරුණෑගල පොලිස් අධිකාරි කාර්යාලයේදී පැවති මාසික සම්බන්ධීකරණ රැස්වීමේදීය. අවසරයක් නොමැතිව යම් ශිෂ්යයෙක් හෝ ශිෂ්යාවක් වෙළඳසල්වලට ඇතුළු කරගන්නා වෙළඳුන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර ඇත.

Wednesday, April 27, 2011
Bite eka, බයිට් එක...
ඉතිං ඉඳලා ඉඳලා නම්බරයක් සොයා ගත් මම කෙල්ලෙක්ව බයිට් කරන්න ගත්තෙමි.
බයිට් එක පට්ට එකටම නැගලා ගියේය.
දින ගණනාවක්ම මෙයාකාරයෙන් ගෙවී ගියේ කාටත් හොරෙන් ය.
දිනක් මට ඒ කෙල්ල පව් කියලා සිතුනි.
ඒ කෙල්ල මම හොඳින්ම දන්නා හඳුනන එකියක්ය, මගේ නංගීගේ යාළුවෙක්ද වන්නීය.
එබැවින් මම කවුදැයි කියා ඇයට කියන්නට මට සිතී පෙර දිනෙක රාත්රියේ මම ඇයගෙන් මා එක් කොන්දේසියකට යටත්ව මම කවුද යැයි පවසන බව කීවෙමි.
එම කොන්දේසිය වූයේ මා කවුදැයි දැනගත් පසු මා ඝාතනය කිරීමට උත්සාහ නොගන්නා බවට පොරොන්දු වීම ය.
එහෙත් ඒ අසරණිය එම කෙටි පණිවුඩයට ප්රතිචාරයක් දැක්වූයේ නැත.
එදින දිගු ගමනක් අවසානයේ ඇයට හොඳටම නින්ද ගොස් ඇත.
පසුදා වන විට මාගේ එම පවිත්ර අදහස සිතින් ඉවත් විය. දුෂ්ට කම රජ විය.
ඉන්පසු සුපුරුදු ලෙස මාගේ බයිට් කිරීම සිදුවිණි.
දැන් ඇය තවමත් මගෙන් බයිට් වන්නීය.
කවදා හෝ ඇය මෙය දැක හෝ මා කවුදැයි හඳුනා ගනු ඇතැයි යන්න මාගේ ඒකායන පැතුමයි.

Subscribe to:
Posts (Atom)