Wednesday, April 27, 2011

Bite eka, බයිට් එක...

ඉතිං ඉඳලා ඉඳලා නම්බරයක් සොයා ගත් මම කෙල්ලෙක්ව බයිට් කරන්න ගත්තෙමි.
බයිට් එක පට්ට එකටම නැගලා ගියේය.
දින ගණනාවක්ම මෙයාකාරයෙන් ගෙවී ගියේ කාටත් හොරෙන් ය.
දිනක් මට ඒ කෙල්ල පව් කියලා සිතුනි.
ඒ කෙල්ල මම හොඳින්ම දන්නා හඳුනන එකියක්ය, මගේ නංගීගේ යාළුවෙක්ද වන්නීය.
එබැවින් මම කවුදැයි කියා ඇයට කියන්නට මට සිතී පෙර දිනෙක රාත්‍රියේ මම ඇයගෙන් මා එක් කොන්දේසියකට යටත්ව මම කවුද යැයි පවසන බව කීවෙමි.
එම කොන්දේසිය වූයේ මා කවුදැයි දැනගත් පසු මා ඝාතනය කිරීමට උත්සාහ නොගන්නා බවට පොරොන්දු වීම ය.
එහෙත් ඒ අසරණිය එම කෙටි පණිවුඩයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
එදින දිගු ගමනක් අවසානයේ ඇයට හොඳටම නින්ද ගොස් ඇත.
පසුදා වන විට මාගේ එම පවිත්‍ර අදහස සිතින් ඉවත් විය. දුෂ්ට කම රජ විය.

ඉන්පසු සුපුරුදු ලෙස මාගේ බයිට් කිරීම සිදුවිණි.
දැන් ඇය තවමත් මගෙන් බයිට් වන්නීය.

කවදා හෝ ඇය මෙය දැක හෝ මා කවුදැයි හඳුනා ගනු ඇතැයි යන්න මාගේ ඒකායන පැතුමයි.

No comments:

Post a Comment